ඒකාබද්ධ විපක්ෂය මේ දිනවල දැඩි කලබලයකින් පසුවන බවත්, ඊට හේතුව නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම බවත් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මැතිවරණයක් නොමැති අවස්ථාවක වුවද විපක්ෂය අඛණ්ඩව චෝදනා එල්ල කරමින් සිටින බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, හොරුන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල ක්‍රියාකාරීන්ට එරෙහිව රජය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, ඒ හේතුවෙන් විපක්ෂයට සම්බන්ධ පුද්ගලයින් ද නීතියේ රැහැනට හසුවන බවත්ය.
එම නිසා විපක්ෂය කලබල වීම සාමාන්‍ය තත්ත්වයක් බව පැවසූ අමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිදු කළ ප්‍රකාශ ද විපක්ෂයේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබිඹු කරන බව ප්‍රකාශ කළේය.





