ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා, විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් තමන්ට එරෙහිව පවරා ඇති අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට කොන්දේසි විරහිතව වරද පිළිගෙන තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදු කළ මෙම ප්‍රකාශය අනුව, ඔහුට දඬුවම් නියම කිරීම මේ මස (ජූලි) 24 වැනිදා සිදු කිරීමට නියමිතය.