දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටියද, එම ඉල්ලීම මත පමණක් ඔහු ඉවත් කිරීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරන ලදී.

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත්තේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම සහ නිකුත් කළ ලිපියක් ඉවත් කර ගැනීම යන ඉල්ලීම් දෙකක් මුල් කරගෙන බවද ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූයේ සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධයෙන් ගැටලු පවතින්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කළ හැකි නමුත්, වෘත්තීය සමිතියක ඉල්ලීමක් මත පමණක් ඔහු ඉවත් කළ නොහැකි බවය.

එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති එක්ව නොමැති බවද ඔහු පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා වෘත්තීය සමිති කිහිපයක් පමණක් එක්ව ඇති බැවින් එය දේශපාලන අරමුණක් මත ක්‍රියාත්මක වන වෘත්තීය අරගලයක් බවටද චෝදනා කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>