“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ පොලිසිය විසින්, ඊයේ (05) දිනයේදී මත්ද්‍රව්‍ය වැටලීම් 1053 ක් සිදු කර තිබෙනවා.
එම වැටලීම්වලදී සැකකරුවන් 980 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව, හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 329 කින් හෙරොයින් කිලෝ 03 යි ග්‍රෑම් 321 ක්ද, අයිස් මත්ද්‍රව්‍ය සොයා කළ වැටලීම් 329 ක් අතරින් අයිස් කිලෝ 01 යි ග්‍රෑම් 107 ක් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මීට අමතරව, වැටලීම් 317 කින් ගංජා කිලෝග්‍රෑම් 54 යි ග්‍රෑම් 434 ක් හා ගංජා පැළ 204,548 ක්ද සොයාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.




