“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (31) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 618 ක් සිදු කර තිබෙනවා.

එම වැටලීම්වලදී සැකකරුවන් 616 ක් අත්අඩංගුවටද, 07 දෙනෙක් පුනරුත්ථාපනයටද යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කර සිටියා.

හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 208 කින් හෙරොයින් ග්‍රෑම් 541 ක්ද, අයිස් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 240 ක් අතරින් අයිස් ග්‍රෑම් 685 ක්ද සොයාගෙන ඇත.

මීට අමතරව, වැටලීම් 126 කින් ගංජා ග්‍රෑම් 329 ක් හා ගංජා පැළ 71 ක්ද සොයාගෙන ඇත.