නීතිඥ මනෝජ් නානායක්කාර

හැමෝම බලාගෙන හිටියා උදය ගම්මන්පිල ලොකු දෙයක් කියයි කියලා. මම හිතන්නෑ උදය ගම්මන්පිලගේ කතාව ඇතුලේ මහා ලොකු දෙයක් ඇති කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පුලුවන්ද, පොලිස්පතිවරයාගේ නියෝගයක් නැතිව යම් කාර්යයක් කරන්න. යමක් සිද්ධ වුණාට පස්සේ තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්රියවලිය ආරම්භ වෙන්නේ.

ශානි සහ රවී මේ අපරාධ ක්‍රියාවලිය සම්බන්දයෙන් විමර්ශන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා. එහෙම ක්‍රියාත්මක කරගෙන යනකොට අපි දැක්කා පහුගිය කාලේ පුරා ම සාක්ෂි වසන් කිරීම, සාක්ෂි සැඟවීම, සාක්ෂි වෙනස් කිරීම, සාක්ෂි වලට බලපෑම් කිරීම, විමර්ශනවලට බලපෑම් කිරීම වගේ දේවල් වුනා. රවී සෙනෙවිරත්නලා, ශානි අබේසේකරලා කිව්වා පැහැදිලිවම කවුද බලපෑම් කළේ කියලා.

පාස්කු ප්‍රහාරය පිළිබඳව උදය ගම්මන්පිල හෙළිකල කාරණා සම්බන්ධයෙන් අදහස් දැක්වූ මනෝජ් නානායක්කාර.