අමාත්‍ය වසන්ත සමරසිංහ
පහුගිය අවුරුදු දහයම නිරීක්ෂණය කරපුවහම හැමදාම වී නිෂ්පාදනයේ අතිරික්තයක් තියෙනවා. නමුත් සහල් වෙළඳපොලේ හිඟයක්. අපි මේ පිලිබදව සොයා බැලුවා. සමහර වී ගබඩාවල වී තියෙනවා. සහල් එන්නේ නෑ. ඒ හේතුව තමයි ගබඩාව බැංකුවට තියලා ණය අරගෙන තියෙනවා. ඒ නිසා කොටස් ලෙස තමයි වී සහල් වෙළඳපොළට නිකුත් කරන්නේ. ඉතින් මේකට කෙටිකාලීනව තියෙන උත්තරය තමයි, ආණ්ඩුව තීරණයක් අරන් තියෙනවා සහල් ආනයනය සඳහා මෙට්‍රික් ටොන් හැත්තෑදාහක ආනයන කටයුතු සඳහා ටෙන්ඩර් පත් මේ වෙනකොට ටෙන්ඩර් කැඳවීම සිදු කරා. ඉදිරි සති තුනක් ඇතුළත මේ හාල් වෙළඳපොළේ ඇතිවෙලා තියෙන තත්වය සමනය කරන්න කටයුතු කරනවා.
හාල් හිඟය පිළිබඳව වෙළඳ අමාත්‍ය අදහස් දක්වයි…
