“මුලික විමර්ශන නිලධාරියා පත්කර ඇත්තේ විපක්ෂනායක තුමා ද සාමාජිකයෙකු වු ස්ටාෆ් ඇඩ්වයිසර් කොමිටියෙන් එය නීතිවිරෝධිය යි දැන් කියන්න එපා” අද (03) දින පාලිමේන්තුවේදී මෙසේ ප්‍රකාශ කරන ලද්දේ අමාත්‍ය නලින්ද ජයතිස්සයි.

මේ පත්වීම නීතිවිරෝධි බව කීමට විපක්ෂනායක ඇතුලු මන්ත්‍රිවරු කිහිපදෙනෙක් උත්සාහ කළ බව ද රාජ්‍ය නිළධාරින් තොරා ගැනිමේදී ඒ සදහා ඇති රාජ්‍ය පරිපාලනයේ සංචිතයෙන් මේ තෝරාගැනීම් සිදුකර ඇති බව ද එතුමා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළේය.

තවදුරටත් කතාකරමින්, මේ මුලික විමර්ශන නිළධාරියා හැටියට තෝරාගත් එස්. කේ. ලියනගේ මහතා පලාත් පාලන හා පළාත් සහා අමාත්‍යාංශයේ අතිරේක ලේකමවරයෙකු වශයෙන් සේවය කළ කෙනෙක් බවද පත්කර ඇත්තේ 2025-08-20 දින බව ද සඳහන් කළේය.

විපක්ෂනායකතුමා ස්ථිර සාමාජිකයෙකුව සිටින ස්ටාෆ් ඇඩ්වයිසර් කොමිටියෙන් සිදුකළ මේ පත්කිරිම වැරදියි කියා දැන් කියන්න එන්නට එපාය යි එතුමා වැඩිදුරටත් පැවසීය.

එම ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>