මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ අජිත් විපුල බණ්ඩාර සුබසිංහ තේරී පත්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව උඩුදුම්බර ප්‍රාදේශීය සභාවට අදාළව විපක්ෂයේ පක්ෂවලට වැඩි බහුතරයක් හිමිව තිබුණා.