පාඨලී චම්පික රණවක
බටලන්දේ ප්‍රශ්නයට ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් කිසිවක් කල නොහැකි බවත් එම අපරාධකරුවන් ජිවතුන් අතර සිටීනම් ඔවුන්ට දඩුවම් දීමේ ක්‍රියාමාර්ගයට යෑම ආණ්ඩුවේ වගකීම බවත් පාඨලී චම්පික රණවක මහතා පවසයි. එමෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගැනීම හෝ දඩුවම් කිරීමට ඉදිරිපත් නොවන බවද සඳහන් කළා. ඔහු මේ බව සඳහන් කලේ මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි.
“බටලන්දේ යම් කිසි ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් ඔය ජනාධිපති කොමිසම් වාර්තාවෙන් නම් ඒකට මුකුත් කරන්න බැහැ. මොකද ඒක විශේෂ ජනාධිපති කොමිසමක් නොවේ. ඒක කඳුළු සලසලා ඒක හුරතල් කර කර ඒක උඩ දානවා වෙනුවට එහි අපරාධකරුවෝ ජීවතුන් අතර ඉන්නවා නම්, ඔවුන්ට දඬුවම් දීමේ ක්‍රියාමාර්ගයට යන එක තමයි ආණ්ඩුවේ වගකීම. ඒ වගේම මම කියනවා, මේ අනුර දිසානායක ජනාධිපතිතුමා, ජනාධිපති රනිල් වික්රමසිංහව අත්අඩංගුවට ගන්න හෝ, ප්‍රජා අයිතිය අහෝසි කරන්න හෝ, ඔහුට දඬුවම් කරන්න හෝ ඉදිරිපත් වෙන්නේ නැත.”
බටලන්ද වාර්තා සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>