රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සංචාරවලදී ඔහු අසලින් ගමන් කරන හමුදා නිලධාරියකු අත ඇති විශේෂ බෑගයක් විටින් විට ලෝක අවධානයට ලක්වෙයි. “චෙගෙට්” ලෙස හැඳින්වෙන මෙය රුසියාවේ න්‍යෂ්ටික අවි පාලන පද්ධතියට සම්බන්ධ සන්නිවේදන උපකරණයකි.
රොයිටර් ප්රවෘත්ති සේවයට අනුව, මෙම බෑගය රුසියානු ජනාධිපතිවරයා සහ ඉහළ හමුදා අණදෙන නිලධාරීන් අතර ආරක්ෂිත සන්නිවේදනය පවත්වාගැනීමට භාවිත කරයි. න්‍යෂ්ටික අවි භාවිතයට අදාළ නියෝග හමුදා අණදෙන පද්ධතිය වෙත යැවීමට එමඟින් හැකියාව ලැබේ.
එහෙත් බෑගයේ බොත්තමක් එබූ සැණින් න්‍යෂ්ටික මිසයිල දියත් කළ හැකි බවට ඇති ජනප්‍රිය අදහස නිවැරදි නොවේ. එහි කාර්යය නියෝග සන්නිවේදනය කිරීම වන අතර, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා වෙනම හමුදා ක්‍රියාවලියක් පවතී.
රුසියානු න්‍යෂ්ටික අණදෙන පද්ධතියේ සවිස්තර ක්‍රියාකාරීත්වය රහසිගතය. එබැවින් “චෙගෙට්” ගැන ප්‍රසිද්ධියේ දන්නා තොරතුරුද සීමිතය.




