එ.ජා.ප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර තමන් විසින් අඟහරුවාදා දින සිදු කරන ලද ප‍්‍රකාශය ගැන බොහෝ දෙනෙක් විවිධ මතවාද ඉදිරිපත් කර ඇති බවත් එළඹෙන සඳුදා දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඒ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කරන බව මාධ්‍ය හමුවකදී පැවසීය.

“පසුගිය අඟහරුවාදා මම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා ජනමත විචාරණයක් සහ පැවැත්වීමත් සම්බන්ධවත්. ඒ වගේම පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම පිළිබඳව ප්‍රකාශයක් කරා. සියලුම දෙනාගේ ප්‍රශ්න වලට ලබන සඳුදා උදේ දහයට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා විශේෂ ප්‍රකාශයක් කරනවා.”

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>