දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවය මත පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ සහ වෙනත් අදාළ පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව නිර්දේශ සහිත වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර ඒ සදහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ අමාත්‍ය අනු කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන මතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා නීති සම්පාධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම යෝජනාවට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් 160ක් කොට්ඨාස ක්‍රමයටත්, සෙසු 65 දෙනා ජාතික හෝ පළාත් මට්ටමින් සමානුපාතික ක්‍රමයටත් තෝරාගන්නා පරිදි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට බහුතර එකගතාව පළ වී ඇත.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අදාල අමාත්‍යමණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා. එසේම අද දින පනත් කෙටුම්පත සකස් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ සම්මත කර, නව මැතිවරණ ක්‍රමය ස්ථාපිත කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.