අද (17) දිනයේදී, කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා පැවති රහස් ඡන්ද විමසීමෙන් ජාතික ජන බලවේගයේ ආනන්ද සහබන්දු මහතා ඡන්ද 12කින් ජයගෙන නගරාධිපතිවරයා ලෙස තේරී පත්වී ඇත
එමෙන්ම, ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ ඉන්දික කරුණාරත්න මහතා ඡන්ද 15කින් ජයගෙන සභාපති ධුරයට පත්වී ඇත.ගලේවෙල සභාවේ උප සභාපති ධුරය සඳහා පැවති ඡන්ද විමසීමේදී, ජාතික ජන බලවේගයට සහය දැක්වූ ඇපල් ගෙඩිය ලකුණින් තරඟ කළ ස්වාධීන කණ්ඩායමේ මොහොමදු මකීම් මහතා ජයග්‍රහණය කර ඇත.
එසේම, වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයේ සුදර්ශන චාමර වීරකෝන් මහතාට ඡන්ද 12කින් හිමිවූ අතර, උප සභාපති ධුරය සමගි ජන බලවේගය යෝජනා කළ ගුණපාලගේ සරත් මධූගේ මහතාට හිමිවීම විශේෂත්වයක් විය. එම තීරණය ජාතික ජන බලවේගයද සහය දක්වමින් ස්ථිර කළ බව සඳහන් වේ.
