ආචාර්ය අජන්තා පෙරේරා.
ලාල්කාන්ත සහෝදරයා කියනවා “ඔයාලාගේ වගා බිමට හානිකර සතෙක් ආවොත් එහෙම ඒ සතාව විනාශ කරන්න ඔබට අයිතියක් තිබෙන බව”. එතකොට විනාශ කරන්න නම් අනිවාර්යයෙන්ම තුවක්කුවක් තිබිය යුතුයි. දැන් මේ තුවක්කු කතන්දරේ හරි භයානක කතන්දරයක්.
ගැටලුව තමා ප්රාදේශීය ලේකම්වරු තාමත් ඉදිරිපත් කරන්නේ නැහැ කොයිතරම් ප්රමාණයක් තුවක්කු මේ රටේ ප්රචලිත වෙලා තියෙනවද කියන එක, තොරතුරු දැනගැනීමේ පනතට අනුව ප්රාදේශීය ලේකම්වරුන්ගේන් මේ පිළිබඳව විමසුව නමුත් අපිට තාමත් පිළිතුරු ලැබිලා නැහැ.
ගොවින්ගේ අතට තුවක්කු ලැබුනාම ඔවුන්ට හිතූමතේ ඔවුන් මේ අලි ටික මරලා දානවා. ඒ විතරක් නෙමෙයි, අලි මස් ටික විකුණනවා. අලින්ගේ හම අරගෙන පිටරටට විකුණනවා. මේක රහසිගත දෙයක් නෙමෙයි. ජනාධිපතිතුමනි ඔබ හොඳ ජනාධිපතිවරයෙක් වෙයි කියලා අපි විශ්වාස කරනවා.
ඔබ සමාජවාදී අදහස් දරන ජනාධිපතිවරයෙක්. ඔබට පුළුවන්කම තියෙනවා මේ ප්රශ්නේ ඉක්මනට විසඳලා ඉතිහාසගත වෙන්න.
වැඩිදුර විස්තර සදහා >>>>>>>>>>>