ගල්අඟුරු මිලදී ගැනීම් සම්බන්ධයෙන් තොරතුරු නොවැම්බර් 12 වැනිදා ප්‍රසිද්ධ කිරීමට අදහස් කරන බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඔක්තෝබර් 27 වැනිදා පැවති මාධ්‍ය හමුවකදීය. ප්‍රකාශය සිදු කරන වේලාව සහ ස්ථානය මේ වන විට තහවුරු වී නැත.
මේ අතර, ගල්අඟුරු ගනුදෙනු විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව නොවැම්බර් 4 වැනිදා රණවක මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. කොමිසම හමුවේ ඔහු දුන් සාක්ෂිය පිළිබඳ පළ වූ වාර්තාවකට අනුව, 2012 වසරේ අයහපත් කාලගුණ සමයේ ආනයනය කළ ගල්අඟුරු තොග දෙකක් ගොඩබෑමට නොහැකි වූ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු එවකට අමාත්‍යාංශ ලේකම් එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා වෙත වගකීම පවරා තිබේ. අමාත්‍යවරයා ලෙස තම භූමිකාව ප්‍රතිපත්තිමය මඟපෙන්වීම ලබාදීමට සීමා වූ බව රණවක මහතා කොමිසම හමුවේ පවසා ඇත.
කොමිසමේ විමර්ශන කටයුතු අවසන් කර ඇති අතර, එහි අවසන් වාර්තාව දෙසැම්බර් මස මුලදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව නොවැම්බර් 7 වැනිදා පළ වූ වාර්තාවක සඳහන් වේ.



