කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තේරී පත්වීමට ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් සහ සමගි ජන බලවේගයේ රීසා සාරුක් තරඟ කල අතර අනතුරුව නගරාධිපති යෝජනා දෙක සඳහා ඡන්දය පවත්වන්නේ රහස්‍ය ඡන්දයක් ලෙස ද, නැතහොත් විවෘත ඡන්දයක් ලෙස ද යන්න කොමසාරිස්වරිය සභාවෙන් විමසා සිටි අතර, එහිදී ආණ්ඩු පක්ෂය රහස් ඡන්දයක් ද, විපක්ෂය විවෘත ඡන්දයක් ද ඉල්ලා සිටියහ.

සභා මන්ත්‍රීවරුන් 117 දෙනාගෙන් 2 දෙනෙකුගේ ඡන්ද අවලංගු වුණා.
ව්‍රායි කැලී බල්තසාර් ඡන්ද 61 ක් ලබා ගන්නා ලද අතර, රීසා සාරුක් ලදේ 54 යි.
ඉන් අනතුරුව හේමන්ත කුමාර උප නගරාධිපති ලෙස තේරී පත්විය.