මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රය ඩිජිටල්කරණය ඔස්සේ නවීකරණය කර ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් සකස් කළ ශ්රී ලංකා ඇග්රිකනෙක්ට් ඒකාබද්ධ ක්රියාත්මක කිරීමේ සැලැස්ම අද (30) කොළඹදී එළිදක්වන ලදී.
ශ්රී ලංකා රජය, ලෝක බැංකු සමූහය සහ ජාත්යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදලේ හවුල්කාරිත්වයෙන් ක්රියාත්මක වන මෙම වැඩසටහනේ අරමුණ සුළු පරිමාණ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම, රැකියා අවස්ථා උත්පාදනය සහ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමය.
මෙහිදී අදහස් දැක්වූ අග්රාමාත්යවරිය සඳහන් කරන ලද්දේ කෘෂිකාර්මික ක්ෂේත්රය නවීකරණය කිරීම ජාතික ආර්ථිකයේ දිගුකාලීන සංවර්ධනයට අත්යවශ්ය බවය.
එමෙන්ම, 2027–2031 රාජ්ය ආයෝජන වැඩසටහන යටතේ වසර පහක කාලය සඳහා රුපියල් ට්රිලියන 17.5ක පමණ මුදලක් වෙන් කර ඇති බවත්, ඉන් රුපියල් ට්රිලියන 8.3ක් නිෂ්පාදන පදනම් කරගත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා වෙන් කර ඇති බවත් ඇය වැඩිදුරටත් ප්රකාශ කළාය.
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගිත්වයෙන් පැවති මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු ලෝක බැංකු සමූහයේ සහ ජාත්යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදලේ නියෝජිතයෝ එක්ව සිටියහ.




