අමාත්‍ය විජිත හේරත්.

රජය විසින් දැනටමත් තීරණයක් අරගෙන තියෙන්නේ , ඊශ්‍රායලයට රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යැවීම තාවකාලිකව නවතා දමන්න . ඒ අනුව, මේ දිනවල එරටට යාමට නියමිතව සිටි අයව යැවීම නවතා ඇති අතර, දැනට නිවාඩු අරන් ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයින්ටද යළි ඊශ්‍රායලයට යාමට අවසර නොදෙන බවත් පවසයි.මෙම තීරණය ගෙන ඇත්තේ, එරට පවතින අනතුරුදායක යුධමය තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකික රැකියාවේ නියුක්තයන්ගේ ජීවිත ආරක්ෂාව ගැන සලකා බැලීමෙනි.රැකියාවේ සුරක්ෂිතභාවය සහ වීසා කාලය දික් කිරීම සම්බන්ධයෙන් දැනටමත් රජය විසින් ඊශ්‍රායල බලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.එමෙන්ම, හදිසි තත්ත්වයකි මතුවී ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලයෙන් ඉවත් කිරීමට අවශ්‍යතාවයක් වෙතොත් රජය විසින් වෙනත් රජයන් හා සමීපව කටයුතු කරමින් මැද පෙරදිග කලාපයේ සහයෝගී රටවල් සහ එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා අවශ්‍ය පියවර ගැනීමට සූදානම් වී ඇත.