නිවාස කුලී සහ දේපළ මිල ඉහළ යාමට එරෙහිව ස්පාඤ්ඤය පුරා නොවැම්බර් 11 වැනිදා මහා වැඩවර්ජනයක් පැවැත්විණි. එය වසර 14කට පසු එරට පැවති පළමු මහා වැඩවර්ජනය බව Associated Press වාර්තා කළේය.
වර්ජනය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා සහ ව්‍යාපාර රැසක කටයුතුවලට බලපෑම් එල්ල විය. මැඩ්රිඩ් සහ බාර්සිලෝනා ඇතුළු නගරවල දහස් ගණනක් වීදි බැස විරෝධතාවලට එක් වූ අතර, ඇතැම් ස්ථානවල ගැටුම් ද වාර්තා විය. කුලී නිවැසියන්ට වැඩි ආරක්ෂාවක් ලබාදීම සහ දේපළ වෙළෙඳපොළේ මිල ඉහළ යාම පාලනය කිරීම විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම් අතර වේ.
අගමැති පෙද්රෝ සැන්චෙස් කැඳවූ හදිසි මහ මැතිවරණය නොවැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිතය. වැඩවර්ජනයත් සමඟ නිවාස කුලී සහ ජීවන වියදම මැතිවරණ ව්‍යාපාරයේ නැවත ඉදිරියට පැමිණ තිබේ.
