අමාත්‍ය සමන්ත විද්‍යාරත්න

මෑත කාලීනව විශාල අර්බුදයකට ලක් වුනු පොල් සම්බන්දයෙන් සිදු වූ ගනලුව මගහරවා ගැනීමට සැලසුම් දියත්කර ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා දන්වා සිටිනවා. ඒ සඳහා අවශ්‍ය පොහොර, සහනාධාර ක්‍රමයකට ලබා දීමටත් උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් අක්කර දාසයදාහක් වගා කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පවසා සිටියා.

“විශේෂයෙන්ම පොල් වගාකරුවන් සඳහා අවශ්‍ය පොහොර සහනාධාර ක්‍රමයකට ලබා දීම සඳහා රුසියාවේ අනුග්‍රහය ඇතිව මෙට්‍රික් ටොන් පනස් පන්දාහක MOP පොහොර අපිට ලබා දෙනු ලැබුවා. ඒ පොහොර වලින් භාගයක් කෘෂිකර්ම අමාත්‍යාංශයටත් ඉතිරි භාගය පොල් සම්බන්ධයෙනුත් යොදා ගන්නත් තීන්දු කරා. අපි හිතනවා මේ සතියේ අවසාන වගේ වෙනකොට අක්කර පහෙන් අඩු පොල් වගා කරුවන් සඳහා මේ පොහොර ලබාදෙන්න.”

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>