අමාත්‍ය සමන්ත විද්‍යාරත්න
අප රට තුල තේ, පොල්, රබර්, ක්ෂේත්රයන්ගේ වැඩ කරන කම්කරු ප්‍රජාවගේ මුලික අයිතිවාසිකම් ලැබී නොමැති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. එමෙන්ම මෙමෙ ප්‍රජාවගේ ස්ථිර නිවාස ගැටලුවට විසදුම් ලෙස ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් යටතේ සහ ලාංකීය මහජනයාගේ බඳු මුදල් රැස් කරමින් නිවාස තනා දීමට සුදානම් බවද වැඩි දුරටත් සඳහන් කළා.
“තේ, රබර්, පොල් වගා ක්ෂේත්රයේ අපේ කම්කරු ජනතාව විශේෂයෙන් නුවරඑළිය, බදුල්ල, රත්නපුර, නුවර, මාතලේ, කෑගල්ල ආදී ප්‍රදේශවල වාසය කරනවා. ඔවුන්ට කියලා ඉඩමක් නැහැ. ඔවුන්ට කියලා නිවසක් නැහැ. ඔවුන්ට කියලා ලිපිනයක් නැහැ. සමහරුන්ගේ උප්පැන්නේ ප්‍රශ්න, හැඳුනුම්පතේ ප්‍රශ්න, මූලික අයිතිවාසිකම් ඔවුන් වෙත ලබාදීලා නැහැ. අන්න ඒ කොටසට අපි සූදානම් වෙනවා මේ අවුරුද්දේ, ඉන්දියාවේ ණය යෝජනා ක්‍රමයක් යටතේ, ලංකාවේ මහජනතාවගෙන් ලබන බදු මුදල් ආධාරත් එකතු කරලා නිවාස යෝජනා ක්‍රමයක් දියත් කරන්න.”
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මාධ්‍ය දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>