රක්ෂිත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික රෝහලේ සිට Zoom ඔස්සේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

නඩුව විභාගය ආරම්භ වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, ඇපට විරුද්ධ වූ අතර, රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන සහ අනූජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥයින් කරුණු දක්වමින් සිටිති.