ඇල්ල ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට කොවීඩ් 19 එන්නත ලබාදීමේ කටයුතු නිරීක්ෂණයෙන් අනතුරුව ඊයේ (17) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කළේ ලෝකයේ තිබෙන හොදම කොරෝනා එන්නත් වර්ග භාවිතා කරමින් ඉතා කඩිනමින් එන්නත්කරනය කරන රට බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් තිබෙන බවයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ

විශේෂයෙන්ම ජනාධිපති වරයාගේ උපදෙස් පරිදි සෑම දිස්ත්‍රික්කයකම එන්නත් කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. දකුණු ආසියාවේ වේගයෙන්ම එන්නත්කරණය කළ රට බවට ශ්‍රී ලංකාව අද පරිවර්තනය වෙලා තිබෙනවා. අනික් පැත්තෙන් ලෝකයේ දැනට පිළිගත් හොදම එන්නත් වර්ග භාවිතා කරන රට බවට අපේ රට පරිවර්තනය වෙලා තිබෙනවා. මෙම එන්නත් ඉතා ඉක්මනින් එන්නත්කරණය කිරීමට යොදා ගන්නා රට බවටත් ශ්‍රී ලංකාව පත් වෙලා තිබෙනවා.

ඒ අනුව මේ වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය පාලනය කරනවා වගේම නැවත වතාවක් ජන ජීවිතය ආර්ථිකය දරුවන්ගේ අධ්‍යාපනය සමාජ ජීවිතය සාමාන්‍යකරණය කිරීම සදහා රජය පැත්තෙන් ගත යුතු සියලුම  ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා.