මුදල් අච්චු ගැසීමෙන් ආර්ථිකය නග සිටුවිය හැකි නම් ශ්‍රී ලංකාව මේ වන විට ස්විට්සර්ලන්තයද පසුකොට තිබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ අද (18) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පවතින ආර්ථික ක්‍රමය අසාර්ථක බව පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ මෙම ක්‍රමය දිගින් දිගටම පවත්වාගෙන යාම ඉතාමත් අහිතකර බවද පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මෙරට ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමක් සිදු කිරීම මගින් මෙම ණය අර්බුදයෙන් මිදිය යුතු බවත් ඉන් අනතුරුව පවතින අහිතකර මූල්‍ය ක්‍රමය වෙනස් කාළ යුතු බවත් ඔහු අවධාරණය කර සිටිනවා,

චීනය විශ්වාස කරමින් ඔවුන් හරහා ආර්ථික ගැටළුවෙන් ගොඩ ඒමට රජය කල්පනා කළද එයද අසාර්ථක වී ඇති බවත් විකල්ප වැඩපිළිවෙලක් සඳහා වන යෝජනා වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට යොමුකිරීමට සූදානම් බවත් හිටපු අමාත්‍යවරයා පවසනවා.

මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් තරුණ තරුණියන් විශාල වශයෙන් විදෙස් ගත වීමට සූදානමෙන් සිටින බවත් එම තත්වය වෙනස් කිරීම සඳහා ආර්ථිකය ගොඩනැගීම රජයක වගකීම බවත් ඔහු පෙන්වා දෙනවා.