චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත ජනතාවට ලබාදීම වසරකින් පමණ ප්‍රමාද වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඊට අනුමැතිය ලබාදීම ප්‍රමාද කළ නිසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ,අද (20) දින ජාතිය අමතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

එන්නත්කරණය කොරෝනා මර්දනය කිරීමේ එකම ක්‍රමය බවත් මෙරට ජනතාව සියළු දෙනා එන්නත්කරණය කිරීමට තමන්ට අවශ්‍ය වූ බැවින් තමා පුද්ගලිකව මහත් පරිශ්‍රමයක් දරා එන්නත් මෙරටට ගෙන්වා ගත් බවත් ජනාධිපතිවරයා පවසනවා.

ඒ අනුව ලෝක නායකයින් ට පුද්ගලිකව ඇමතීමෙන් සහ ලිපි යැවීම බගින් මෙරටට පළමුව ඉන්දීය ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලද බවත් ඉන් පසුව චීන සිනොෆාම් එන්නත ලැබුනද ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රමාදය නිසා එය ජනතාවට ලබාදීමට නොහැකි වූ බවත් ජනාධිපතිවරයා කියා සිටියා.

කෙසේ නමුත් මේ වසරේ මැයි මස 8වනදා සිට එම එන්නත අඛණ්ඩව ලබාදීමට කටයුතු කෙරෙන බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ

එන්නත් ලබාදෙන රටවල් අතරින් ලංකාව ඉදිරියෙන්ම සිටින බවද ජනාධිපතිවරයා සදහන් කළා.

එන්නත් ලබාදෙන රටවල් අතරින් ලංකාව ඉදිරියෙන්ම සිටින බවද ජනාධිපතිවරයා සදහන් කළා.