කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,010 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,835කි.

මේ අතර ආසාදිතව සිටි 2,096ක් පූර්ණ සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටවයෑමත් සමග සුවය ලැබු සමස්තය 320,810ක් දක්වා ඉහළගොස් ඇත.

එමෙන්ම කොවිඩ් මරණ 195ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (19) දින තහවුරු කර ඇත.

මෙම මරණ 195ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,985ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.

ඒ අතර කාන්තාවන් 97 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 98 දෙනෙකුද සිටි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 151 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.