සම්පූර්ණයෙන් රට වසා දැමීමෙන් සිදුවන බලපෑම ජනතාව විසින් තේරුම්ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ,අද (20) දින ජාතිය අමතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

දැනට දිනකට සංචාරකයන් 200ක් පමණ රටට ඇතුළු වන බවත් කොවිඩ් වසංගතය හේතුවෙන් කඩා වැටුණු සංචාරක කර්මාන්තය ගොඩනගමින් සිටින අවස්ථාවක සම්පූර්ණයෙන්ම රට වසා දැමුවහොත් නැවතත් ආරම්භයේ සිටම සංචාරක කර්මාන්තය ගොඩ නැගීමට සිදුවනු ඇති බවත් ඒ මහතා පවසනවා.

එමෙන්ම, ඇඟළුම් කර්මාන්තයේ ඇණවුම් නිසි වේලාවට ලබා දීමට නොහැකි වුවහොත් විශාල විදේශ විනිමයක් අහිමි වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

සම්පූර්ණයෙන්ම රට වසා දැමීම රටට දරාගත නොහැකි වුවත් දින 10කට නිරෝධායන ඇඳිරිනීතිය පැණවීමට තමා තීරණය කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා