අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්ව තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඔවුන් දෙදෙනා අතර රහස් දේශපාලන සාකච්ඡාවක් සිදු නොවූ බවයි.

රනිල් වික්‍රමසිංහගේ අසල්වැසියෙකුගේ නිවසේ පැවැති උපන්දින සාදයක් සඳහා ඔවුන් දෙදෙනා එක්ව ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.

කැබිනට් සංශෝධනය හෝ අග්‍රාමාත්‍යවරයා යටතේ පැවැති ආයතන වෙනස් කිරීම සම්බන්ධයෙන් ඔවුන් අතර සාකච්ඡා නොපැවැත්වූ බවද එම නිවේදනයේ දැක්වෙයි.