ශ්‍රී  ලංකාව තුළ ත්‍රස්ත කටයුුතු සිදුවන බවට හෝ ඒ ආකාරයේ තර්ජනයක් ඇති බවට ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ විසින් සනාථ කර නොමැති බව ආරක්ෂක ලේකම්, ජනරාල් (විශාමික) කමල් ගුණර්තන පවසයි.

ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම සංචාරක උපදේශය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමෙරිකානු පුරවැසියන් වෙනුවෙන් ඇමෙරිකාව මීට පෙර පනවා තිබූ සිවුවැනි මට්ටමෙ අවදානම තෙවැනි මට්ටම දක්වා වෙනස් කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් වාතාවරණය හා ත්‍රස්තවාදී තර්ජනවලට අදාළව මෙම නව උපදේශය නිකුත් කර තිබේ.