මන්නාරම් ප්‍රදේශයේ ආගමික ස්ථාන කිහිපයකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට නියෝග ලබා දී ඇති බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ප්‍රකාශ කළේය.

වැරදිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම තුළින් අනාගතයේදී මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවටද ඔහු සහතික විය.

නැගෙනහිර පළාතේ ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ සභාපති  සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මේ බව ප්‍රකාශ කළේ ඊයේ (ජූලි 15) දීඝවාපිය පූජා භූමියේ සිදුකෙරෙන ඉදිකිරීම් කටයුතු පිළිබඳව නිරීක්‍ෂණ චාරිකාවට එක්වෙමිනි.