පසුගියදා පාර්ලිමේන්තු වට රවුම අසලදී උද්ඝෝෂණයේ නිරතව සිට නිරෝධායනයට රැගෙන ගිය ගුරුවරුන් අතරින් දෙදෙනෙකුට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා.

අදාළ ගුරු උද්ඝෝෂණයේදී එම ගුරුවරුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරීන්ද මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් මුලතිව් ගුවන් හමුදා කඳවුර සඳහන් කළේ අදාළ පුද්ගලයන්ට සිදුකළ PCR පරීක්ෂණවලින් මෙතෙක් ආසාදියන් තහවුරු වී නොමැති බවයි.