රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අද පස්වරුවේ කාබනික පොහොර නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ වත්මන් වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යධුරයද හොබවනවා.

මොහාන් පී ද සිල්වා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දීමට නියමිත බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔහු මීට පෙර කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යධුරය හෙබවූවා.