තම බාප්පා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමන් සමඟ කතාබහ කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.

අදාළ සටහනින් රාජ්‍ය අමාත්‍යවරයා දක්වා ඇත්තේ “ප්‍රශ්න ⁣ගොඩකට විසදුම් සොයන පාර්ලිමේන්තුවේ දී, මොන තරම් කාර්යබහුල වුනත්, රටම දිනවපු, මගේ දයාබර බාප්පා මට කතා කරන්න වේලාවක් සොයා ගත්ත මොහොතක්” ලෙසයි.