රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට පත්කර තිතිබෙනවා.

අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අද (08) පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ලබා දුන් බවයි

මීට පෙර ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරය හෙබවූවා.