තමන් දරන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර එම පක්ෂයට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ සංවාදයක් අතරතුර මෙම දැනුම් දිම ඒ මහතා විසින් කර ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ‘එක එක නරි හූ කිව්වට මම අයින් වෙන්නේ නෑ” යනුවෙනි.

පක්ෂයේ තීරණයක් මත ඕනෑම අවස්ථාවක තමන් ඉවත්වීමට සුදානම් බව ඒ මහතා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් විසින් ජයසිරි ජයසේකර මහතාට එම හමුවේදි චෝදනා කර ඇත්තේ ඔහු විසින් කරන ඇතැම් ප්‍රකාශයන් හේතු කරගෙන ආණ්ඩුව අපහසුතාවයට පත්වන බවත් එනිසා එවන් ප්‍රකාශ සිදු නොකළ යුතු බවත්ය.

කෙසේ නමුත් ජයසේකර මහතා එහිදී සඳහන් කර ඇත්තේ තමන් පළ කරන්නේ තමන් බිම් මට්ටමේ පාක්ෂිකයන්ගේ මතය බවත් කිසිවකු භාර ගන්නේ නම් තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී එය භාර දීමට සූදානම් බවත් ය.

එසේ කළ විට තමන්ට පක්ෂයේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාමට හැකි බවද මහ ලේකම්වරයා එහිදී සඳහන් කර තිබේ.