අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ මීළඟ ජනපතිවරයා ලෙස පත්කිරීම සඳහා රටේ ජනතාව පෙළ ගැසී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර පැවැසීය.

“බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා වීම පිළිබඳව සියු සුදුසුකම් සපුරපු නායකයෙක්. බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා  කිරීම සඳහා මේ රටේ බහුතර මහ ජනතාව පෙළ ගැසිලා ඉන්නවා.ඒ නිසා එතුමා 2024දී ජනපතිවරයා කිරීම පිළිබඳව ප්‍රශ්න ඇසිය යුතු නෑ. එතුමා නිසැකවම මේ රටේ රාජ්‍ය නායකයා වීමේ පෙරනිමිති තමයි මේ පෙන්නුම් කරමින් තිබෙන්නේ