මේ මොහොතේ රට තුළ කිසිදු ඛනිජ තෙල් හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව රට තුළ මේ මොහොත වන විට දවස් 22කට ප්‍රමාණවත් ඩීසල් සහ දවස් 18කට ප්‍රමාණවත් පෙට්‍රල් තිබෙන බවත් මේ සතිය තුළ තවත් පෙට්‍රල් නැවක් මෙරටට පැමිණීමට නියමිත බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.