මෙරට පුරා සිටින කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් කිසිවෙකු නිසි අවධානයක් යොමු නො කළ බව පවසමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ කරාපිටිය රෝහලේ උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යවරයාව කොවිඩ් වාට්ටුවකට අනුයුක්ත කර තිබෙනවා.

ඔහුගේ සේවය ඇගයීම පිණිස මෙම අනුයුක්ත කිරීම සිදුකළ බවයි, එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.ඒ.එම්. ෂෙල්ටන් පෙරේරා ප්‍රකාශ කළේ.

ඒ අනුව අදාළ වෛද්‍යවරයාව කරාපිටිය රෝහලේ වාට්ටු අංක 36 වෙත මෙම සේවා අනුයුක්ත කිරීම සිදුකර ඇති බව සඳහන්.

මෙම මස 18 වනදා සිට සති හතරක කාලයකට මෙම සේවා අනුයුක්තය සිදු කළ බවයි, කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ.