කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීම සඳහා රට සම්පූර්ණ වශයෙන් “ලොක්ඩවුන්”(වැසීම) කළ යුතු යැයි තමා කිසිවිටෙකත් ප්‍රකාශ නොකරන බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

ඊට අඩු ක්‍රියාමාර්ගවලින් මේ වසංගතය පාලනය කළ හැකි යැයිද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් වසංගත තත්වය හමුවේ පසුගිය අප්‍රේල් මැයි මාසවලදී රට යම්තාක් දුරකට වැසුණද ආයතනවල වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කෙරුණු බවත් එසේ කටයුතු කරන අතරේදී සෞඛ්‍ය නීති අනුගමනය කිරීම නිසා කොරෝනා පැතිරීමේ යම්කිසි පාලනයක්ද ඇති කරගත් බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.