ඊලඟ යුද්ධෙ එන්නෙ ඩ්‍රෝන් වලින්,සැටලයිට් වලින් මෙහෙයවන තුවක්කුවලින්,කොම්පියුටර් වලින් හැක් කරලා බවත් එසේ තිබියදී ගෝඨාභය රාජපක්ෂ තවම බංකර් හදන බව සමඟි ජන බලවේගයේ පා.ම පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

එයට අපේ හමුදාව තවම සූදානම් නැති බවත් එයට ස්මාර්ට් හමුදාවක් අවශ්‍ය වන අතර රටේ ශක්තිමත් නාවුක හමුදාවක් ගොඩනැගිය යුතු බව ඔහු සදහන් කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජන හමුවක් අමතමින්.

“අපේ යුද්ධ හමුදාව පැන්නුවා යුද්ධ හමුදා මුලස්ථානයෙන්.තැනක් හදලා පිළිවලක් කරලා එළියට දැම්මනම් කමක් නැහැ.අවුරුදු 6ක් කුළියට හිටියා තැන් තැන් වල දුක් විඳ විඳ.හමුදාවේ කවුරු කෙදිරියක්වත් කිව්වද අපිව එළියට දැම්මා කියලා.නැහැ.ඒක තමයි විනය කියලා කියන්නෙලු.ඔය ලංකා බැංකුවේ අය එළියට දාන්න ගියා.ඔවුන් කිව්වා එකෙක් එන්න එපා අත තියන්න කියලා.බැස්සා එළියට එක දවසයි ටග්ගාලා නැවැත්තුවා.එක තමයි ඩිසිපිලීන් එක කියන්නේ .තමන්ගේ ආයතන රැකගන්න තියෙන වුවමනාව.මේ ගොල්ලන්ට ඔනේ අර වගේ කීකරු දාසයෝ ටිකක් බවට මේ හමුදාව පත් කරන්න.මේ හමුදාවට මුකුත් ගරුත්වයක් එන්නේ නැහැ ඔකෙන්.”