ට තුල පවතින ඩොලර් සංචිත ස්ථාවර කර ගැනීමේ තවත් පියවරක් වශයෙන් සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය තහනම් කිරීමට හෝ එම ආනයනයන්ට දැඩි සීමා පැනවීමට රජය තීරණය කර ඇති බව මහ බැංකු ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

එම වාර්තා පෙන්වාදෙන ආකාරයට ගෘහ විදුලි උපකරණ, ජංගම දුරකථන, සුවඳ විළවුන් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයට නොවැටෙන උපකරණ ගණනාවක් සඳහා ආනයන සීමා පැනවෙනු ඇති.

කෙසේවෙතත් මෙම සීමාවන් පැනවෙන දිනය හෝ එම සීමා කොතෙක් කළක් බලපැවැත්වෙන්නේ ද යන්න මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

මේවන විටත් සීමා පැනවිය යුතු බඩු භාණ්ඩ ලැයිස්තුවක් සකස් කිරීමේ වගකීම මහ බැංකුවට පවරා ඇති අතර මේ පිළිබඳ ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතයි.

රට තුල මේවන විට බරපතල විදේශ විනිම සංචිත හිඟයක් පවතින අතර මෙම තත්වය තවදුරටත් අයහපත් වීම වළක්වා ගැනීම සඳහා ඉහත තීරණවලට එළඹ ඇති බවයි මහ බැංකු ප්‍රකාශකයෙකු සඳහන් කළේ.