උතුරු සහ නැගෙනහිර නැවත පදිංචිකිරීමේ නිවාස 2500 ක් ඇතුලු රටපුරා නිවාස 31218 ක් ඉදිකිරීමේ තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් ජාතික නිවාස වැඩසටහන සමාරම්භක උත්සවය ඊයේ (16) දින පැවැත්විණි. එය පැවැත්වූයේ චාවකච්චේරියේ මීසාලේ වීරසිංහ ප්‍රාථමික විදුහල් ක්‍රීඩාංගනයේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා මැති ඇමතිවරු, ආගමික නායකයෝ සහ ප්‍රදේශයේ විශාල...

