ශ්රී ලංකාවේ ග්රාමීය දිළිඳුකම තුරන් කිරීම සහ අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීම සඳහා කැනේඩියානු රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින් මහත්මිය ප්රකාශ කළාය. ඒ, ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතා සහ කැනේඩියානු මහ කොමසාරිස්වරිය අතර ඊයේ (18)...

