පසුගිය යහපාලන රජය සමයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මූල්‍ය වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව සමෘද්ධි සේවක වෘත්තීය සමිති එකමුතුවේ සෝමසිරි ලියනගේ මහතා ප්‍රකාශ කළේය. එම පැමිණිල්ලට අනුව, 2019 වසරේදී එවකට විෂයභාර අමාත්‍යවරයාව සිටි දයා ගමගේ මහතාගේ උපදෙස් මත...

