ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ (NLDB) නව පත්වීම් ලබාදීම අද (11) එම මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම හා සම්බන්ධ අමාත්‍ය ලාල් කාන්ත මහතා නව පත්වීම්ලාභීන් අමතමින් කියා සිටියේ රාජ්‍ය සේවයේ පවතින පැරණි සංස්කෘතියට යට නොවී නව වැඩ සංස්කෘතියක් ගොඩනැගීමට දායක වන ලෙසයි. ඔහු සඳහන් කළේ අතීතයේ...

