පූර්ව ළමාවිය අධ්‍යාපනය විධිමත් කිරීම රජයේ ප්‍රමුඛ ඉලක්කයක් – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය. – 18.07.2026

පූර්ව ළමාවිය අධ්‍යාපනය විධිමත් හා වෘත්තීයමය ක්ෂේත්‍රයක් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය. ඇය සඳහන් කළේ මෙතෙක් පූර්ව ළමාවිය අධ්‍යාපන වැඩසටහන් බොහෝ අවස්ථාවල අවිධිමත් හා අසංවිධානාත්මක ආකාරයෙන් ක්‍රියාත්මක වී ඇති බව පිළිගත යුතු බවයි. එම තත්ත්වය වෙනස් කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නායකත්වයෙන්...