මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500 ක ආධාරයක්. – 09.02.2026

'දිට්වා' සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මියන්මාර රජයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 500 ක් සහනාධාර ලෙස ලබාදේ. ඒ අනුව අද (09) දින ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි Marlar Than Htaik විසින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ වෙත මෙම සහල් තොගය භාර දී...