කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය විසින් වාර්තා කරන පරිදි චීන වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා හමුවීම සඳහා පසුගියදා ගොවිජන මන්දිරයට පැමිණ ඇති අතර එහිදී දෙපාර්ශවය අතර වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා වී ඇත. නියෝජිත පිරිස සඳහන් කළේ ඔවුන්...

