විපක්ෂය විසින් සිදු කරන අසත්‍ය චෝදනා ජනතාව පිළි නොගන්නා බව අමාත්‍ය හර්ෂණ පවසයි. – 07.03.2026

සාධනීය කරුණු ඉදිරිපත් කර රජය නිවැරදි මාවතට ගැනීම වෙනුවට, පැය විසි හතරක් හෝ පවත්වා ගැනීමට නොහැකි බොරු විපක්ෂය විසින් ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරන ලදී. ඒ ඊයේ (06) දින පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදීය. අත්‍යවශ්‍ය රෙගුලාසි පනවා කටයුතු සිදු කරන්නේ මහජනතාවගේ උන්නතිය වෙනුවෙන් බවත් ඒ සම්බන්ධයෙන්...